ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා පානදුර ප්‍රදේශයේ ආපනශාලාවක බිලක් නොගෙවා පිටව යාමට උත්සාහ කිරීමේදී ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වෙයි.

සමන් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් ඊයේ (01) රාත්‍රියේ පැමිණ එහි ආහාර ගෙන තිබුණු අතර ,එම ආහාර සඳහා ඔවුන්ගේ බිල රුපියල් 1,650කි. එම අවස්ථාවේදී බිල ගෙවීම ප්‍රතික්ෂේප කළ සමන් ද සිල්වා මහතා ආවේගශිලීව හැසිරී ඇතැයි වාර්තා වෙයි.

එහිදී සමන් ද සිල්වා මහතා සහ ආපන ශාලාවේ සේවකයන් පිරිසක් අතර උණුසුම් වචන හුවමාරුවක් වූ බවත් ඔහු බිල නොගෙවා පිටව යාමට උත්සාහ කර ඇති බවත් වාර්තා විය.

සිද්ධියෙන් ආපන ශාලාවේ මුදල්
අයකැමිවරයා සහ වේටර්වරයා තුවාල ලබා ඇති අතර එහි තිබු භාණ්ඩවලට හානි සිදුව ඇති බව වාර්තා විය.

ආපනශාලා සේවකයන් මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page