අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ
දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ කල්තැබීමේ විවාදය අද (06) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව ඇත.
පසුගිය ජුනි මස 21 වන දින දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පළමු වරට පැවැත්වුණු අතර ඊට සංශෝධන ඉදිරිපත් කිරීමට විපක්ෂ කල් ඉල්ලීම හේතුවෙන් එහි දෙවන වර කියවීම අදට යොදාගැණුනි.
විවාදයෙන් අනතුරුව පනත් කෙටුම්පත සම්මත කරගැනීමට නියමිතයි.
මෙම දූෂණ විරෝධී පනත් කෙටුම්පත සඳහා විපක්ෂය ඉදිරිපත් කළ සංශෝධන රැසකට සාධාරණ හා නීතිගරුක සමාජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී එකඟතාවය පළ වී තිබුණි.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සඳහා සහාය දැක්වීමට විපක්ෂය තීරණය කර ඇති බව ද සඳහන්.
සමඟි ජන බලවේගය පවසන්නේ ද සිය පක්ෂය විසින් ඉදිරිපත් කළ සංශෝධන රජය පිළිගෙන ඇත්නම් ඊට සහය දැක්විය හැකි බවයි.
