රි ලංකාව තුළ මෙතෙන් හමු නොවු කොකේන් හා සමාන නව මත්කුඩු විශේෂයක් මොරටුව සමන්පුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසින් ඊයෙ (5) සොයාගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි.
මෙම මත්කුඩු ශ්‍රි ලංකාව තුළ හමුවු සහ අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බවත්, මෙම මත්ද්‍රව්‍ය සමග මෙරට ජාවාරම සිදුකරන කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනකු හා ඔවුන්ට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය වාර්තා කරයි.
හදුනානොගත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වලාන දුෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් මොරටුවේ සමන්පුර පිහිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ තෙමහල් නිවසක අද පෙරවරුවේ සිදුකළ වැටලීමකින් එම කෝටිපති ව්‍යාපාරිකයාගේ (29) හැවිරිදි පුතා මෙම මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදි අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
එම අවස්ථාවේ සැකකරු සතුව ඉහත මත්ද්‍රව්‍ය ග්‍රෑම් 115 ක ප්‍රමාණයක් තිබුණු අතර
ඉතා සුක්ෂම ලෙස සෙල්ලම් බඩු තුළට අසුරමින් මෙම මත්ද්‍රව්‍ය අලවිය සදහා සුදානම් කර තිබේ .
මේ සම්බන්ධයෙන් තවත් කෝටිපතිව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වු බවත්, ඔහු අත්තිඩිය ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්තිඩියේ කෝටිපති ව්‍යාපාරිකයා (30) හැවිරිදි වියේ පසුවන බවත්, ඔහු බෝට්ටු හා බෝට්ටු එංජින් ව්‍යාපාර සිදුකරන බවත් ඔහුට මෙරට හා මාලදිවයිනේ ව්‍යාපාර රැසක් හිමි පුද්ගලයකු බවද පොලිසිට පවසයි.
