ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ විවාදය රාත්‍රී 7.30ට අවසන් කිරීමට කථානායක ගනු ලැබූ තීරණය පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) දැඩ් දෝෂ දර්ශනයට ලක් කර ඇත.
රීති ප්‍රශ්නයක් මතුකරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, ප්‍රකාශ කළේ අදාළ විවාදය පැවැත්වීමේ කාලය සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණ කථානායක විසින් ක්‍රියාත්මක නොකළ බවය.
ඊට ප්‍රතිචාර දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ එදින න්‍යාය පත්‍රය අනුව තමන් විවාදය රාත්‍රී 7.30ට අවසන් කළ බවය.
පසුගිය 30 වන දා පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරනු ලැබුවේ එය නොවන බවත් කිරිඇල්ල මහතා කීයා සිටි අතර
නලින් බණ්ඩාර මහතා කියා සිටියේ එදින රැස්වීම රාත්‍රී නවය වනතුරු පැවැත්වේවි යැයි කියා මහ ලේකම්වරිය තමන්ට ප්‍රකාශ කළ බවය. එබැවින් තමන්ට ද විවාදයේදී අදහස් දැක්වීමට නොහැකි වූ බව හෙතෙම කීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ විවාදය රාත්‍රී 7.30ට අවසන් කළ යුතුව තිබූ බවත් විපක්ෂය වැරදි මතයක් ගොඩ නගන බවත්ය.
