දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලිය හරහා 2038 වසර වනවිට සේවක අර්ථසාධක අරමුදලට ට‍්‍රිලියන 12ක පමණ පාඩුවක් වන බවට සිදුකරන ප්‍රකාශයක් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රතික්ෂේප කරයි.

එම ගණනය කිරීම කර ඇත්තේ 2038 වන තෙක්ම 13.5% ක ඵලදායි පොලී අනුපාතයක් ලෙස ගණනය කරමින් බවද හෙතෙම පැවසීය.

එතරම් කාලයක් ඉහළ ඵලදායි තත්ත්වයක් ලබා දීමට නම් උද්ධමනය 15-18% අතර සීමාව පැවතිය යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි.

බහුතරයක ගේ අදහස වී ඇත්තේ දැනට බැංකුවේ තිබෙන මුදල රැකගැනීම බවද පැවසූ ඒ මහතා
යම් හෙයකින් බැංකු පද්ධතියට අවදානමක් පැමිණ බැංකු පද්ධතිය කඩා වැටුනහොත් සියලුම දෙනාගේ අර්ථසාධක අරමුදල් ඇතුළු සියළු මුදල් අහිමි වන බව ද ඒ මහතා කියා සිටී.

ඒ හේතුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ එක කොනක් අරගෙන වැරදි අර්ථ නිරූපණය කිරීම වැරදි සහගත බවත් සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධ්‍යනය කළ යුතු බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මහ බැංකු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page