උසස් පෙළ සිසුන්ට උපාධිය හදාරන්න සියයට 13 ක පොලියක් යටතේ බැංකු ණයක් ලබා ගත හැක.

අනුමත පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් උපාධිය හැදෑරීම සඳහා මෙම පොලිය යටතේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැති හිමිව තිබේ.

ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මෙම අවම පොලිය යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

අදාල එකඟතාවය අනුව 2019, 2020 හා 2021 වසර වල උසස් පෙළ හදාරන සිසුන්ට තම ප්‍රතිඵල අනුව උපාධි පාඨමාලා තෝරා ගෙන මෙම ණය යෝජනා ක්‍රමය අනුව කටයුතු කළ හැකි බව ද ඔහු පැවසීය

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page