කොළඹ 02, යූනියන් පෙදෙස ජයික් හිල්ටන් හෝටලයට යාබදව පිහිටි
ඓතිහාසික වටිනාකමකින් යුතු විසුම්පාය ගොඩනැගිල්ල හෝටලයක් බවට පරිවර්තනය කිරීම සඳහා ගිවිසුම් අත්සන් තැබීම පසුගිය දා සිදුවිය.
මෙම විසුම්පාය ගොඩනැගිල්ල, අතීතයේ දී හඳුන්වන ලද්දේ ‘ඇක්ලන්ඩ් හවුස්’ නමිනි.
ලංකා රයිෆල් රෙජිමේන්තුවේ නිලධාරින්ගේ භෝජනාගාරයක් වශයෙන් ඉදි කරන ලද දෙමහල් ගොඩනැඟිල්ලක් වන ‘ඇක්ලන්ඩ් හවුස්’ (‘විසුම්පාය’) ගෙඩනැඟිල්ල මේ වන විට පාවිච්චියට ගත නොහැකි ආකාරයෙන් ක්‍රමයෙන් දිරාපත් වෙමින් පවති.
එහි පෞරාණික වටිනාකම ආරක්ෂා වන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමේ සහ නවීකරණය කිරීමේ කටයුතු සිදු කිරීම අවශ්‍ය බව පසුගිය යහපාලන රජය සමයේ දී අවධාරණය කෙරිණි.
2016 ඔක්තෝබර් මාසයේ දී මෙම විසුම්පාය පරිශ්‍රය Boutique හෝටලයක් බවට පත්කරලීම සඳහා කැබිනට් අනුමැතිය දි තිබුණි.
කෙසේවෙතත් වසර 7කට පසුව එම කැබිනට් තීරණය ක්‍රියාත්මක වන බවට පත් වී ඇත.
ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය සහ Azotels හා Hunas Holdings PLC යන සමාගම් අතර මෙම ව්‍යාපෘතිය සඳහා ගිවිසුම්වලට එළඹ තිබේ.
මෙම ගිවිසුම් අත්සන් තැබීම සඳහා Azotels හි අධිපති සහ ලොව කීර්තිමත් හෝටල් ව්‍යාපාරිකයෙකු වන
Adrian Zecha ද එක්ව තිබුණි.
