තම අමාත්‍යංශය යටතේ ඇති සෑම ආයතනයකම ප්‍රධානින් තමන්ගේ ආයතනය තුලින් වාර්ෂිකව ආදායම ඉපයීම සම්බන්ධයෙන් සැලසුමක් සැකසිය යුතව ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එසේ සැලසුම් සකස්කර ඒවා ක්‍රියාත්මක කර ආයතනවල ප්‍රගතියක් නොපෙන්වන නිළධාරීන් සම්බන්ධයෙන් තීන්දු ගැනීමට තමන් පසුබට නොවන බවද අමාත්‍යවරයා කීවේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ රජයේ කර්මාන්තශාලා වෘත්තීය සමිති සමඟ බත්තරමුල්ල, අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි

මේ ආයතන ගොඩ ගන්න පුළුවන්. පසුගිය සමයේදී රටම දැවැන්ත ආර්ථික අර්බුධයකට මුහුණ දුන්නා. දැන් අපි ටිකෙන් ටික හිස ඔසවගෙන එනවා. රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව මගින් රටට අවශ්‍ය සම්පත් ටික නිෂ්පාදනය කරගන්න පුළුවන්. පළාත් සභා, පළාත් පාලන ආයතන මගින් ටික ටික වැඩ පටන්ගෙන තිබෙනවා. ඒ ආයතන සමඟ එකතුවෙලා වැඩ කරලා මේ ආයතන කොහොම හරි ගොඩගන්න බලමු.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page