ලෝකයටම ගස් හතක් පමණක් ඇති පඬු කරඳ ගස් වලින් එකක් කපා විනාශ කර ඇති බවත් මේ වන විට දැන් ඇත්තේ හයක් බවත් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ සඳහන් කරති.
ශ්‍රී ලංකාවේ තිබූ ගසක් කපා දැමීමත් සමග ගස් ප‍්‍රමාණය හය දක්වා අඩු වී ඇති බවද උන්වහන්සේ පැවසූහ.
මෙම ගස කපා දැමීම සාහසික පාරිසරික අපරාධයක් බවත් පවසන උන්වහන්සේ මේ සඳහා ජාතික හා ජාත්‍යන්තරව විමර්ශනයක් ආරම්භ කළ යුතුද බවත් කියා සිටියි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබූ ‘පඬු කරඳ’ ගස කපා ඉවත් කල ස්ථානයේදී මාධ්‍ය අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.
