හෙට සිට ක්‍රියාත්මක වන පරිදි බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50 ක මිල රුපියල් 1000කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අනුව එම පොහොර මිටියක නව මිල වන්නේ රුපියල් 14,000 කි.

අද පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කල අතර

මෙම කන්නය ආරම්භ වන විට රුපියල් 22,000 ඉක්මවා පැවති බණ්ඩි පොහොර මිල රජය විසින් රුපියල් 14,000 දක්වා අඩු කරනු ලැබුවා .

මේ වන විට ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් රුපියල් 15,000ක් බැගින් අලෙවි කරන එම පොහොර මිල හෙට සිට රුපියල් 14,000 දක්වා අඩු වන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page