කඳුකරයේ දේශපාලනය මෙහෙ කරන්න එන්න එපා. පරිසර ඇමැති නසීර් අහමඩ් නැඟෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්ට දැඩි ස්වරයකින් ප්‍රකාශ කොට තිබෙන බව වාර්තා වේ.

පරිසර ඇමැතිවරයා මේ ප්‍රකාශය සිදු කර තිබෙන්නේ කාත්තන්කුඩි පළාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.එම්. හලාව්දීන් මහතා ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා විසින් වෙනත් ස්ථානයකට මාරු කිරීමට විරෝධය පාමිණි.

එහි පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මේ බව ප්‍රකාශ කළ පරිසර ඇමැතිවරයා නැඟෙනහිර පළාතට අත තියන්න සෙන්දිල් තොණ්ඩමාන් කවුදැයි ප්‍රශ්න කොට තිබේ. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට ලබාදුන් ස්ථාන මාරුව වහාම අවලංගු කරන්නැයි මෙම රැස්වීමේදී තීරණයක්ද ගෙන තිබේ. ආණ්ඩුකාරවරයා ලෙස තොණ්ඩමාන් මහතාගේ ඇතැම් ක්‍රියාකලාපයන් ගැන කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව දැඩි ලෙස විවේචනයට ලක් කරන බවද වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page