රා නිෂ්පාදනය සදහා නීත්‍යනුකූල බද්ධක් රා නිෂ්පාදකයන්ට හදුන්වාදීමට කටයුතු කරන බව
රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.
දැනට නිත්‍යානුකූලව රා නිශ්පාදන කරන්නන් ගැටලුවකට මුහුණදී සිටීම හේතුවෙන් එම තත්ත්වය වළක්වා ගැනීමට රා බද්දක් හදුන්වා දීමට යෝජනා කළ බවත්
එක් දිනකට ලීටර් එක් ලක්ෂ පනස් දහසක් පමණ රා නිෂ්පාදනය කරන අතර ඉන් ලීටර් පනස් දහසක් පමණ නීත්‍යනුකූලව නිශ්පාදන වන බව රාජ්‍ය නව ආදායම් මාර්ග උත්පාදනය සඳහා උපාය මාර්ග සෙවීමට පත් කළ කමිටුව සදහන් කර ඇත.
ඒ අනුව රා ලීටරයකට රුපියල් 10ක නව සුරා බද්දක් පැනවීමට රාජ්‍ය නව ආදායම් මාර්ග උත්පාදනය සඳහා උපාය මාර්ග සෙවීමට පත් කළ කමිටුව යෝජනා කළ අතර එම බද්ද පැනවීම මගින් රජයට රුපියල් දශ ලක්ෂ එකසිය පනස් හයක ආදායමක් අපේක්ෂා කරයි.
