විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා හඳුන්වා දුන් නව මාර්ගගත (Online) ක්‍රමවේදය අතිසාර්ථක බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
පසුගිය ජුනි 15 වනදා සිට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා පුද්ගලයින් 29,579 ක් විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කර ඇත.
ඒ අතරින් 5,294 දෙනෙකු එක්දින සේවය සඳහාත් 24,285 දෙනෙකු සාමාන්‍ය සේවය සඳහාත් අයදුම්පත් ඉදිරිපත් කර තිබුණි .
නම් කර ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51 න් ඕනෑම ස්ථානයකට පැමිණ අන්තර්ජාලය හරහා හෝ ලංකා බැංකුවේ ශාඛාවකට අදාළ ගෙවීම කර මෙම සෙවාව ලබා ගත හැක .
මෙම ඔන්ලයින් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම නිසා බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට තිබුණු දීර්ඝ පෝලිම් ද අවසන් වී ඇති බවත් අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
