පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10 වන ශ්‍රේණියේදීත් අ.පො.ස උසස් පෙළ විභාගය 12 වන ශ්‍රේණියේදීත් පැවැත්විය යුතු බවට නිර්දේශයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සහවේ සභාපති අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මේය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
අදාළ වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඊයේ ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වු අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවට ස්වාධීනව කටයුතු කරන උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටුවීමට උසස් අධ්‍යාපනය සංවර්ධනය වෙනුවෙන් පත්කරන ලද විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නිර්දේශ කර ඇති බවය.
