මහා විහාර සංවර්ධන සැලැස්මට ප්‍රමුඛත්වය දෙමින් අනුරාධපුර පුජා භූමිය සංවර්ධන කිරිමේ සැලැස්ම කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල නිලධාරීන්ට උපදෙස් දි ඇත .
මෙම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ විශ්ව විද්‍යාලවල යන ආයතන වල විශේෂඥ පිරිසකගේන් සමන්විත කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කලහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කලේ පසුගිය දා මහා විහාර සංවර්ධන සැලැස්ම සහ අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ පැවති සාකච්ඡාවට සහභාගි වෙමින් ය.
