නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්ගේ ක්‍රියාකලාපයට එරෙහිව එම පළාත පුරා වෛද්‍ය වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි

නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමාන් නිල රැස්වීම් හා සාකච්ඡාවලදී වෛද්‍යවරුන්ට අප්‍රසන්න ආකාරයෙන් බැණ වැදීම හේතුවෙන් ඔහුට පළාතේ වෛද්‍ය වරුන් විරෝධය පළකරන බව සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියි.

දැනටමත් තම සංගමය විසින් පළාත් ආණ්ඩුකාර වරයාට ලිපියක් මගින් ඒ පිළිබඳව අප්‍රසාදය හා විරෝධය පළ කර ඇති බවද ඔහු පැවසීය.

ආණ්ඩුකාරවරයාගේ මෙවැනි හැසිරීම් කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද පැවසූ ඔහු මෙම ගැටළුවට විසඳුමක් නොලැබුණහොත් නැගෙනහිර පළාතේ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ද කියා සිටී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page