ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 175 ක් අලුත්වැඩියා කර නැවත මගී ප්‍රවාහන සදහා එක් කිරිමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සතු ධාවනයෙන් ඉවත් කර ඇති බස් රථ සංඛ්‍යාව 852 කි. එයින් බස් රථ 400ක් නැවත අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර අද වන විට බස්රථ 175 ක් අළුත්වැඩියා කර ධාවන සඳහා යොදවන ලදි.

මෙම බස් රථ 175 න් 15ක් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා “සිසු සැරිය” වැඩසටහනට ලබා දීමට නියමිත අතර අනෙක් බස් රථ මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදා ගැනීමට ඩිපෝ වෙත භාරදීමට නියමිත ය.

ඒ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිල වශයෙන් දැනුම් දීම ඊයේ (ජූලි 24) පස්වරුවේ සිදු විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page