මහ බැංකුවට බෝම්බ ඒල්ල කර ජීවිත රැසක් නැතිකරපු එල්ටීටීඊ ත්‍රස්තවාදින්ටන් ජනාධිපති සමාව ලබා දුන් ආකාරයටම චෝදනා ලබාසිටින රණවිරුවන්ටත් ජනාධිපති සමාව දිය යුතු බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව සදහන් කලේ මාධ්‍ය විසින් අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමිනි.

මම දැක්කා ජනාධිපතිතුමන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට ජනාධිපති සමාව ලබාදෙනවා. විශේෂයෙන්ම මහ බැංකුවට බෝම්බ ගහලා ජීවිත 91 බිලිගත්තු 200 කට වඩා තුවාල සිදුකරපු වැරදිකරුවන් වෙලා අවුරුදු 200ක් හිරේට නියම උනු එල්ටීටීඊ සාමාජිකයාටත් ජනාධිපති සමාව ලබාදී තිබෙනවා.

මමත් ඔය එල්ටීටීඊ සැකකරුවන් එක්ක මැගසින් බන්ධනාගාරයේ හිටියා. ඒ මම රක්ෂිත බන්ධනාගාර ගත වෙලා ඉන්නකොට

ක්‍රමානුකූලව ඒ අයට ජනාධිපති සමාව දීලා හෝ අවුරුදු 15ක් 20ක් රිමාන්ඩ් බන්ධනාගාරෙ ඉන්න අයව නිදහස් කරන එකේ ගැටළුවක් නෑ.

අනිත් පැත්තෙන් රණවිරුවොත් යම් චෝදනාවන්ට ලක් වෙලා වැරදිකරුවන් වෙලා තියෙනවා.
ජනාධිපතිවරයා මේ අයටත් ජනාධිපති සමාව දෙනවානම් ඒක තමයි මේ වෙලාවෙ වියයුත්තෙ කියලා මම විශ්වාස කරනවා.

මොකද මේ පරිච්ඡේදය අපි අවසන් කරන්න ඔනේ . ඒක වෙන්න එල්ටීටීඊ ත්‍රස්තවාදීනට පමණක් සීමාවෙලා බෑ. රණවිරුවන්ටත් චෝදනාවක් තියෙනවා නම් ඒ රණවිරුවන්ටත් ජනාධිපති සමාවදීලා මේ පරිච්ඡේදය අවසන් කරන්න ඕනෙ කියන එක මගේ විශ්වාසය’

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page