ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවූ සර්ව පාක්ෂික සමුළුව ඊයේ (26) පස්වරු 05.30ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරම්භ වී තිබුණි
ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුරු නැගෙනහිර සංවර්ධන සැලැස්ම යන කරුණු පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම මෙහි මූලික අරමුණ වන අතර එයට සියලු පක්ෂ නායකයන් පැමිණි අතර ඊට ජාතික ජන බලවේගය එයට සහභාගි නොවන බව ප්‍රකාශ කර තිබුණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පිළිබඳව සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පළාත් සභා ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා කරනවා නම් එහි ඇති අඩුපාඩු සකස් කරගත යුතු බවත්
තමාට සිදු කළ හැක්කේ යෝජනා ගෙන ඒම පමණක් බවත් ගැටළු විසඳා ගැනීම වෙනුවෙන් නව නීති සම්මත කිරීමේ බලය පාර්ලිමේන්තුව සතුවන බවත් ජනපති සර්ව පාක්ෂික සමුළුවේ දී ප්‍රකාශ කළහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බැවින් එය සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගැනීම තම ස්ථාවරය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුරු නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවා තිබිණි.
පවතින ගැටලු විසඳීම සඳහා නව නීති සම්මත කිරීමේ බලය තමාට පමණක් නොව මීට පෙර සිටි විධායක ජනාධිපතිවරුන් හත් දෙනාට නොතිබූ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා පවතින ගැටළු විසඳා ගැනීම වෙනුවෙන් නව නීති සම්මත කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව සතුව බවත්, තමා සිදු කරන්නේ රට වෙනුවෙන් අදාළ යෝජනා ගෙන ඒම පමණක් බවත් කියා සිටියේය.
මෙම කටයුතු ඉදිරියට ගෙන යාමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනා සාමුහිකව ක්‍රියා කළයුතු බවත් එය තමාට තනිවම සිදුකල නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේය.
සිංහල ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශ වල පළාත් සභා හතක් තිබෙන බැවින් පළාත් සභා ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා කරනවා නම් මේ වන විටත් අත්දැක ඇති අඩුපාඩු සකස් කළ යුතු බව ද සඳහන් කළේය.
පළමු ලැයිස්තුවට ඇතුළත් පළාත් සභා සතු විය යුතු විෂය කිහිපයක් මධ්‍යම රජය යටතේ පවතින බවත් එබැවින් එම බලතල මෙන්ම කෘෂිකර්මාන්තය, සංචාරක වැනි ක්ෂේත්‍රවල බිම් මට්ටමේ කටයුතු පවත්වාගෙන යාමේ බලතල පළාත් සභාවලට ලබාදිය යුතු බවද ජනාධිපතිවරයා පැවසීය.
මධ්‍යම ආණ්ඩුව කළ යුත්තේ රට වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයෙහි දැක්වෙන ආකාරයට පළාත් සභා වෙත පොලිස් බලතල ලබාදීම සම්බන්ධව සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කර තීන්දුවක් ගත යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
පළාත් සභා මන්ත්‍රීවරුන්ට එම ධූරය තබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමේ අවස්ථාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම මන්ත්‍රී ධූරය තබාගෙන පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට හැකියාව ලැබෙන ආකාරයට කටයුතු සකස් කරන ලෙස යෝජනා වී ඇති බවත්, ඒ පිළිබඳව ද සාකච්ඡා කර තීන්දුවක් ගත හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, ගෙවිදු කුමාරතුංග, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, සරත් වීරසේකර, ජී.එල්. පීරිස්, පූජ්‍ය අතුරලියේ රතන හිමි, වීරසුමන වීරසිංහ, අනුර ප්‍රියදර්ශන යාපා, සී.වී. විග්නේෂ්වරන්, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මන්ත්‍රීවරු රැසක් මෙහිදී අදහස් දැක්වූ අතර විවිධ පක්ෂ නියෝජනය කරන පක්ෂ නායකයන් සහ නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.
