සීදුව පෞද්ගලික කූරියර් ආයතනයක් වෙත එවා තිබූ පාර්සල් 9 ක් පරික්ෂා කිරීමේදී එහි තිබි විදේශීය නිෂ්පාදිත මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
නෙදර්ලන්තය සහ ඇමෙරිකාවේ සිට කොළඹ සහ පිළියන්දල ප්‍රදේශයේ වල ව්‍යාජ ලිපිනයන් සදහන් කරමින් එවා තිබු මෙම ගුවන් තැපැල් පාර්සල් 09 ය මීට මාසයකට පමණ පෙර එවා තිබුණි.
මෙතෙක් කිසිදු පුද්ගලයකු එම පාසල් භාරගැනීමට නොපැමිණීම නිසා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් එම පෞද්ගලික කූරියර් ආයතනයේ දී , එම පාර්සල් විවෘත කර පරීක්ෂා කර බැලීම සිදු කෙරුණි.
එහිදී ඒවා තුළ ” මැජික් මස් රූම් ” ග්‍රෑම් 297 ක් ,මෙතැම්පටමයින් නොහොත් එක්ස්ටසී පෙති 2,000 ක් , චොක්ලට් ආකාරයට සකස් කළ මත්ද්‍රව්‍ය තොගයක් , ඇමෙරිකානු ” කුෂ් ” නැමැති ගංජා තොගයක් සහ එම ගංජා ඇට අඩංගු පාර්සල් කීපයක් ද වූ අතර මේවා සියල්ලේ මුළු බර කිලෝ ග්‍රෑම් 06 ක් පමණ විය.
මේ වටිනාකම රුපියල් කෝටි හතක් වන බවත් ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම මෙය බවත් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය කියයි.
මෙම මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත යොමු කිරීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ.
