කොළඹ ලිෆ්ටන් වටරවුම හා අවට ප්‍රදේශය වල අද (28) පැවැත්වෙන විරෝධතාවයන් සඳහා වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන 9 කට ස්ථාන 10 ක් තහනම් කර ඇත
අද (28) උදෑසන 10.30 සිට හෙට (29) උදෑසන 10.00 දක්වා කාලය තුළ කොළඹ ජාතික රෝහල් චතුරශ්‍රය හා තවත් ස්ථාන 9 ක් උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා තහනම් ආඥාවක් නිකුත් කළේය.
දුමින්ද නාගමුව, රොෂේන් සමීර, ටැම්පිටියේ සුගතානන්ද හිමි, ජගත් ධම්මික මුනසිංහ, තැන්නේ ඥාණානන්ද හිමි, ජේ බී ගුරුසිංහ, චින්තක රාජපක්ෂ, නයනා රංජනී, නිලාන් ප්‍රනාන්දු, ළහිරු චතුරංග වීරසේකර, විදර්ශන කන්නංගර යන පිරිසට මෙලෙස තහනම් නියෝග නිකුත් කර ඇති අය වේ.
මරදාන පොලිස් වසමේ බණ්ඩාරනායක ගොඩනැගිල්ල , හදිසි අනතුරු ඒකකය , හදිසි ප්‍රතිකාර ඒකකය ,ඇස් රෝහල හා ප්‍රධාන රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ඉදිරිපිට හා ඒ අවට පිහිටා ඇති රෝහල් කටයුතු වලට බාධන වන පරිදි ඩීන්ස් පාර, කිංසි පාර, ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මාර්ග පදිකවේදිකා අහුරමින් උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීම තහනම් කරමින් මෙම අධිකරණ ආඥාවක් නිකුත් කර ඇත.
මරදාන පොලිසිය මෙම උද්ඝෝෂණ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමක් සැලකිල්ල ගනිමින් මහේස්ත්රාක්වරිය මෙම නියෝගය කළ බව පොලිස් මුලස්ථානය පවසයි
