ශ්‍රී ලාංකික සම්භවයක් ඇති 35 හැවිරිදි කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයකට පැමිණ ඇත.
ඕස්ට්‍රේලියාවේ පැවැති ෆෙඩරල් මැතිවරණයේදී එරට කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඇය කුඩා වියේදී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වු උතුරු වික්ටෝරියා ප්‍රාන්තයේ දකුණු දිග මෙල්බර්න් නුවර ඩැන්ඩිනොං ප්‍රදේශයේ ජිවත් වේ.
විලියම් ඇන්ග්ලිස් අධ්‍යාපන ආයතනය සහ බොක්ස් හිල් අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනය ලබමින් ඩැන්ඩිනොං ප්ලාසා සාප්පු සංකීර්ණයේ පිහිටි ලෝක ප්‍රකට වූල්වර්ත් සුපිරි වෙළෙඳ සැල් සූපවේදිනියක ලෙස මෙන්ම තවත් විවිධ අංශ ගණනාවක වසර 15ක් සේවය කළ ඇය එරට ක්‍ෂණික ආහාර කර්මාන්තයේ නිරත සේවක සේවිකාවන් නියෝජනය කරමින් දේශපාලනයට එක් වූහ.
දේශපාලනයට පිවිසීමට පෙර ඇය ඉංග්‍රීසි බස හසුරුවීමට අසමත් පසුබිමකින් ඕස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයන්ට සහ සරණාගතයන්ට ස්වෙච්ඡාවෙන්ම දැනුම සහ අවබෝධයක් ලබාදීමට ඉදිරිපත් වු අතර කොවිඩ් වංසගත සමය පුරා කම්කරුවන්ගේ වැටුප් සහ ජීවන තත්ත්වය ඉහළ නංවාලීමට සිය හඬ අවදි කර ඉතා විශාල වැඩ කොටසක් සිදුකර තිබේ.
