2023 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (1) පැවැති තරගයේදී දඹුල්ල අවුරා ක්‍රීඩකයෝ කඩුලු 8 කින් ප්‍රබල ජැෆ්නා කිංග්ස් පිල පරාජය කිරීමට සමත් විය

අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 32 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 52 ක් රැස්කරමින් ජයග්‍රහණය පහසු කළේය.

පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලු 7 ට 129 ක් ලබගත් අතර චරිත් අසලංක ලකුණු 56 ක් , ටොව්හිඩ් රිඩෝයි ලකුණු 24, ඩේවිඩ් මිලර් ලකුණු 14 යි.පන්දු යැවීම බිනුර ප්‍රනාන්දු 27/2, ශනාවාෂ් දහනි 36/1, හයිඩන් කීර් 16/1, ධනංජය ද සිල්වා 17/1, නූර් අහ්මඩ් 27/1)

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 130 ක ඉලක්කය හබා ගිය දඹුල්ල අවුරා කණ්ඩායම ඕවර 16.2 කදී කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 132 රැස්කරමින් ජයග්‍රහණය වාර්තා කලහ.
(අවිෂ්ක ප්‍රනාන්දු 52, කුසල් මෙන්ඩිස් 29, කුසල් පෙරේරා නොදැවී 34, සදීර සමරවික්‍රම නොදැවී 12, දුනිත් වෙල්ලාලගේ 27/1, විජයඛාන්ත් වියස්ඛාන්ත් 24/1)

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page