මේ වනවිට පවතින දැඩි නියඟයේ බලපෑමෙන් උඩවළවේ ජලාශයේ ජල මට්ටම සියයට 02 ක් දක්වා අඩු වී ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් උඩවළවේ ජලාශය යටතේ යල කන්නයේ අස්වද්දන ලද කුඹුරුවලින් අක්කර 65,000 කට ආසන්න ප්‍රමාණයක් ඊයේ (01දා) වනවිට හානි වීමේ අවදානමට ලක්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
උඩවළවේ ජලාශයට සමනලවැව ජලාශයෙන් ජලය ඝන මීටර් මිලියන 27ක් දින 10ක් තුලදි ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශය උත්සාහ දැරූව ද එම කටයුතු අසාර්ථක වී ඇති බවත්
මේ වනවිට ඝන මීටර් මිලියන 87ක් වන සමනළවැව ජලාශයේ ජල මට්ටම ඝන මීටර් මිලියන 60ක් දක්වා අඩුවුවහොත් දකුණු පළාතට පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වන නිසා ජලය ලබාදීම ගැටලුවක් බව පවසයි .
