රී ලංකා මහ බැංකුව විසින් අද (02) නිකුත් කරන ලද විනිමය අනුපාතයට අනුව ඩොලරයක ගැනුම් මිල පහළ වැටී ඇත .

ඒ අනුව අද දින ඇමරිකන් ඩොලරයක ගැනුම් මිල රුපියල් 309.70 ක් වූ අතර ජුලි 31 වනදා ඒය රුපියල් 322.96 ක් විය .

විකුණුම් මිල රු. 322.68 ක් ලෙසත් සටහන් වු ඇමරිකන් ඩොලරය පසුගිය 31 වෙනදා රුපියල් 335.40 ක් විය.

මේ අනුව ශ්‍රී ලංකා රුපියලේ අති ප්‍රමාණය වීමක් දැකිය හැකිව තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2023 වසරේ ජූලි 31 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 10.2කින් අතිප්‍රමාණය වී ඇති බවයි.

මේ අතර අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2023 වසරේ ජූලි 31 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල යුරෝ, ස්ටර්ලින් පවමු, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව අතිප්‍රමාණය වී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ ද්‍රවශීලතා තත්ත්වයන් පිළිබිඹු කරමින් 2023 වසරේ ජුනි මාසය තුළ දී ශ්‍රී ලංකා රුපියලෙහි අවප්‍රමාණය වීමක් වාර්තා වී ඇති බව මහ බැංකුව කියා සිටී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page