උපාධිධාරීන් 5450ක් ගුරු සේවයට බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින්ය.
මෙම නව බඳවා ගැනීම් යටතේ විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි සහ විදේශ භාෂා යන ප්‍රධාන විෂය ධාරා සඳහා පළාත් නමයට අදාළ ව බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතය අතර ජාතික පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ද බඳවා ගැනීම් කරන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර ඇත .
