කිරම ඔය ව්‍යාපාරය යටතේ වගා කර ඇති කුඹුරුවලට ලබාදීමට තිබු ජලය අධිවේගි මාර්ගය තුල ඇති ගස් සදහා යොදාගන්නා බව හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන සේවා බලමන්ඩලයේ ලේකම් ශ්‍රී විමල මල්දෙණිය මහතා පවසයි .
ඔහු මේ බව පැවසුවේ පසුගිය දා පැවත්වු හම්බන්තොට දිස්ත්‍රික් කෘෂි කර්ම කමිටු රැස්වීමේ දී ය
දිනකට බවුසර් 25 ක් පමණ ප්‍රධාන ඇල මාර්ගයෙන් හා සුළු වාරි යටතේ ඇති කුඩා වැව් වලින්ද, විශේෂයෙන්ම ජූලත්තර වැවෙන් ද මෙලෙස අධිවේගි මා්රගයේ ගස් කොලන් තෙමීමට යොදා ගන්නා බැවින් ගොවින්ට ජලය ලබාදීමේදි ගැටළු ඇතිවන බව අදාල බලධාරින්ට දැනුම් දුන්නද ඒ සඳහා මෙතෙක් කිසිදු විසඳුමක් නොමැති බවද ගොවි සංවිධාන ලේකම් වරයා කීය සිටි .
නිළධාරීන් මේ ගැන සදහන් කලත් අදාළ පුද්ගලයන් මෙම ක්‍රියාව දිගින් දිගටම සිදු කරන බව වීරකැටිය වාරිමාර්ග ඉංජිනේරු ගයාන් මාදුවාගෙඩ මහතාද දිස්ත්‍රික් කෘෂි කර්ම කමිටු රැස්විමේ කියා සිටියේය .
පොලිසියට මේ සම්බන්දව පැමිණිලි කර තිබුනත් ඒ සඳහා ක්‍රියාමාර්ගයක් නොගන්නා බැවින් පොලිස් විශේෂ කාර්ය බළකායට දන්වා හෝ මෙම අනවසර ජලය ගැනීම නතර කර දෙන ලෙසට වාරිමාර්ග ඉංජිනේරුවරයා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කල අතර දිස්ත්‍රික් ලේකම් එච්.පි සුමණසේකර මහතා තංගල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට කඩිනමින් මේ බව දැනුම් දිමට පියවර ගත් බව සදහන් .
