වසර විස්සකට පසුව ඇතිවු දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා වැසි නොලැබුණොත් උඩවලවේ ජලාශයෙන් තවදුරත් ජලය නිකුත් කිරිමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව උඩවලව ජාලශය භාර කාර්යභාර ඉංජිනේරු, සුජීව ගුණසේකර මහතා පවසයි ..
උඩවලව ජලාශයේ ජලමට්ටම අගොස්තු 03දා වනවිට 1.8% දක්වා අඩුවි ඇති බව පෙන්වාදුන් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා පානීය ජලය ලබන සාමන්‍ය වැසියන්, ගොවින් හා වන සතුන් ද ජලය නොමැති කමින් පිඩා විදින් බව සදහන් කරයි .
උඩවලව ජලාශයේ ජලධාරිතාව අක්කර අඩි 3511 දක්වා අඩු මට්ටමකට තිබෙන බවත් තව දවස් දෙකකින් උඩවලව ජලාශයේ ජල මට්ටම අවම මට්ටමකට පැමිණෙන බව තමන් විශ්වාස කරන බවත් එසේ සිදු වුවහොත් විශාල ගැටලුවකට මුහුණ පාන බවත් නියොජ්‍ය අධ්‍යක්‍ෂ සූජීව ගුණසේකර මහතා සඳහන් කළේය
