මේ වන විට රට තුළ පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් පවුල් 27883 ක පුද්ගලයන් 89840 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙයින් වැඩිම පිරිස වන පුද්ගලයන් 69113 ක් උතුරු පාලාතේ යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කය, නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය, වයඹ පළාතේ පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්ක පීඩාවට පත් පිරිස වාර්තා වී ඇත.

මේ අතර වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් ගුණසේකර මහතා පවසා සිටියේ කන්න රැස්වීමේදී පොරොන්දු වූ ආකාරයට ජලය ලබාදීමට වාරි ජලාශවල ජලය දැනට පවතින බවත් තව සතියක් පමණ ජලය නිකුත් කළ හැකි අතර ඉන් පසුව වාරි ජලාශ මගින්ද ජලය නිකුත් කිරීමේ හැකියාවක් නැති බවය .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page