රට බංකොලොත් කිරිමට වගකිව යුතු ආයතන හා පුද්ගලයින් නම් කිරිම සහ ඒ වෙනුවෙන් සාක්ෂි දිය හැකි පුද්ගලයින්ගේ නම ලේඛනයක් පිළියෙළ කරන්නැයි විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානීන්ට බංකොලොත්භාවයට පත්වීමේ හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති නීතීඥ සාගර කාරියවසම් මහතා උපදෙස් දී තිබේ.

එහි සභාපති නීතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වාලීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් ද ප්‍රමුඛතා ලේඛනයක් පිළියෙළ කරන්නැයි ඔවුන්ට උපදෙස් දුන් බවයි.

එම වාර්තා සතියක් ඇතුළත ලබාදෙන්නැයි ද විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

සාගර කාරියවසම් මහතා පැවසුවේ, ඒ යටතේ විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව මෙරට බංකොලොත්වීමට හේතුවූ කරුණු සහ ඊට වගකිව යුතු පුද්ගලයින් කාරක සභාව හමුවට ගෙන්වා කරුණු විමර්ශනය කරන බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page