ලිසං වාරික ගෙවීම් ප්‍රමාද වූ විට සමාගම් විසින් ලබා දෙන කොන්ත්‍රාත් මෙහෙයවන පිරිස් විසින් බලහත්කාරයෙන් වාහන පැහැරගෙන ගිය අවස්ථාවකදි ඔවුන්ට ඒරෙහිව කොල්ලකෑම නැමැති චෝදනාව යටතේ විමර්ශන සිදුකළ හැකි බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි .
ඒ මහතා කියා සිටියේ වාරික නොගෙවූ රථවාහන ඇත්නම් ලීසිං සමාගම් විසින් අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
යම් සමාගමක් වාහනයක් අත්පත් කරගැනීමට අදහස් කරන්නේ නම් අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිව මේ පිළිබඳ දැනුම්වත් කර පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ලබාදෙන පොලිස් නිලධාරීන් සමග ආදාල ස්ථානයට යා යුතු බවයි.
ඒම පොලිස් නිලධාරීන්ව ලබා දෙන්නේ එම ක්‍රියාවලියේ දී යම් සාමය කඩවීමක් සිදුවෙනවා නම් සාමය ආරක්ෂා කිරීම සඳහා බවත් ඔහු පවසන ලදි.
