ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස වසර 2ක් සෙවය කල මිලින්ද මොරගොඩ මහතා සිය නිල කාලය අවසන් කර ඔක්තෝම්බර් මස පළමු වැනිදා ධුරයෙන් ඉවත් වීමට නියමිතව ඇත .
මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස 2021 වසරේ අගෝස්තු මස 29 වැනි දින පත් විය.
කැබිනට් බලතල සහිත මහ මහකොමසාරිස්වරයෙකු ලෙස ඔහුව පත්කෙරුණු අතර කැබිනට් බලතල සහිත මහ මහකොමසාරිස්වරයෙකු වශයෙන් පත්වූ ප්‍රථමයා වන්නේ මිලින්ද මොරගොඩ මහතා ය.
මිලින්ද මොරගොඩ මහතා අවුරුදු 2ක නිල කාලය තුළ ඒකාබද්ධ රාෂ්ඨ ක්‍රමෝපාය සැලැස්ම නමින් වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇත .
