ලබන සතිය වනවිට ජාතික විදුලි පද්ධතියෙන් මෙගාවොට් හයසීය අනූවක් අහිමි වුවත් විදුලිය කප්පාදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ කියා සිටියි.

නොරොච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය විම , තුන්වන ජනන යන්ත්‍රය මාස තුනක කාලයකට නඩත්තුවක් සඳහා නතර කර තිබිම , සමනලවැවේ ජලය කෘෂිකාර්මික කටයුතු සඳහා මුදාහැරීම , එසේ විදුලිය අහිමි විමට හෙතු බව ඔවුහු පවසති.

නමුත් මේ වනවිට හදිසි මිලදී ගැනීම් යටතේ පුද්ගලික ඩීසල් බලාගාර තුනකින් විදුලිය මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවත් දකුණට විදුලිය ගෙනයෑමෙදි තේ වත්තක් නිසා නතරවී තිබෙන පොල්පිටිය, හම්බන්තොට අධි බලැති සම්පේෂණ මාර්ගය අවසන් කළහොත් ජාතික විදුලි පද්ධතියේ සමතුලිත භාවය රැකගත හැකි වන බවද ඔවුහු කියා සිටිති.

දැනට නොරොච්චෝල ලක්විජය දෙවන ජනන යන්ත්‍රය ද ලබන 18 පමණ වනවිට යළි සක්‍රීය වනු ඇත. එසේ වුවහොත් දෛනික විදුලි කප්පාදුවකින් තොරව රටට ම අඛණ්ඩව විදුලිය ලබාදීමට හැකිවනු ඇතැයි ඉංජිනේරුවෝ විශ්වාසය පළකර සිටිති.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page