බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඊයේ දිනයේ වැඩිම වර්ෂාපතනය නොර්ටන් ප්‍රදේශයේන් වාර්තා වූ අතර එය 19.7 ම්ම් ලෙස දැක්විය හැක.

වැඩිම උෂ්ණත්වය පොළොන්නරුවෙන් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 37.1 වේ.

අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 14.5 වේ.

2023 අගෝස්තු මස 14 දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කල කාලගුණ අනාවැකිය

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page