ඉදිරියේදී 10 වැනි ශ්‍රේණියේදී අ.පො.ස සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාගය පැවැත්වීමේ හැකියාව පිළිබඳව රජය අවධානය යොමුකර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.
අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මීට අදාලව විශේෂ නිවේදනයක්ද නිකුත් කර ඇත .
මීට ඉහතදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වූයේ 10 වන ශ්‍රේණියේ වුවත් පසුව එය වසරකින් දීර්ඝ කොට 11 වසරේ දී පැවැත්වීමට කටයුතු කරන ලදී.
එම වසර නැවත අඩු කරමින් 10 වසරේදී සාමාන්‍ය පෙළ විභාගය
පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මේ වන විට අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.
මෙය එක්වරම සිදු කළ නොහැකි බැවින් ප්‍රාථමික, කණිෂ්ඨ ද්විතීය, ජේෂ්ඨ ද්විතිය, යන වර්ගීකරණ තුනක් යටතේ සිදු කිරීමට අදහස් කරන බව ද බවද අමාත්‍යවරයා පැවසීය.
වේගයෙන් දියුණු වෙමින් පවතින අධ්‍යාපන ක්‍රමය යටතේ දෙගුණයක් වන දැනුම සමාජයට යාවත්කාලීන ලෙස පරිවර්තනය කිරිමෙන් අපොස උසස් පෙළ විභාගය සඳහා යොමු වීමට ස්වාධීනත්වයක් ඇති දරු පරපුරක් බිහි කිරීමට පදනමක් සකස්කිරීම අවශ්‍යතාවය ගැන ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරන ලදි.
