මේ වන විට සමාජ පිළිළයක් බවට පත්ව ඇති පිරමිඩ ජාවාරම මැඩලීම සඳහා දැඩි දඩුවම් පැනවිය යුතු බවත්, පවතින නීති ප්‍රමාණවත් නොවේ නම් නීතී යාවත්කාලීන කිරීම සිදුකළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්‍ය් රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
රුවන්වැල්ල – යටන්වල ප්‍රදේශයේ ඊයේ (14) පැවති වැඩසටහනකට සහභාගී වූ අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් ඒ බව සදහන් කළේය.
මහ බැංකුව විසින් 1988 අංක 30 දරණ බැංකු පනත අනුව පිරමීඩ ජාවාරමේ යෙදෙන ආයතන 08 ක් සෘජුවම නම් කොට තහනම් කළ බවත්, එසේම තවත් විවිධ ආකාරයෙන් පිරමීඩ් ජාවාරමේ යෙදෙන ආයතන සියල්ල තහනම් බවට මහ බැංකුව ප්‍රකාශ කළ බවත් පැවසීය.
