විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා .

මීට අදාළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ප්‍රසන්න රණතුංග හා මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන් .

මෙම නිවාස ඉදිකර දීමට සැලසුම් කර කර ඇත්තේ ක්‍රම 3 යටතේ ය.

ඉන් පළමු ක්‍රමය යටතේ විදෙස්ගත ශ්‍රමිකයන්ට හිමි ඉඩමක නිවාසයක් ඉදිකර දීමට සැලසුම් කර ඇති අතර දෙවැනි ක්‍රමය ලෙස ඉඩම් නොමැති ශ්‍රමිකයින්ට නාගරික ප්‍රදේශයෙන් පිටත ඔවුන් කැමති ප්‍රදේශයක නිවාස ඉදිකර දීමටත් තුන්වන ක්‍රමය මහල් නිවාස සංකිර්න ඉදිකර දීමත්‍ ලෙස සදහන් .

මේ නිවාස ව්‍යාපෘතිය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මූල්‍ය සහයෝගය ලබාදෙන අතර ඉදිකිරීම් කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සිදුකිරීමට නියමිතයි.

දැනටමත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය මඟින් නිවාස අවශ්‍යතාව ඇති විදෙස්ගත ශ්‍රමිකයන් පිළිබඳව සමීක්ෂණයක් සිදුකර ඇති අතර ඊට අයදුම්පත් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් මෙ වන විට ලැබී ඇති බව සඳහන් .

ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින් ද මෙම නිවාස අවශ්‍යතාව සහිත විදේශගත ශ්‍රමික පවුල් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට කටයුතු කෙරෙමින් පවතින බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසනවා

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page