මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය ඉහළ අපනයන ආදායමක් උපයා දෙන කර්මාන්තයක් ලෙස සංවර්ධනයට කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල බලධාරීන්ට උපදෙස් දී ඇත.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්රිත මතුව ඇති ගැටළු පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා අදාල නිලධාරීන්ට කියා සිටියේ ..මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්රිත අපනයන හා ප්‍රති අපනයන වැඩි දියුණු කිරීම තුළින් වාර්ෂිකව රටට ඉහළ අපනයන ආදායමක් උපයා ගත හැකි බැවින් එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙසයි.
මෙරට මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ ආදායම පසුගිය වර්ෂයට සාපේක්ෂව මෙම වර්ෂයේ ඉලක්කගත වර්ධනයක් කරා ළඟා වී නොමැති බවත්, අවම වශයෙන් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක පමණ ඉලක්කයක් සපුරා ගැනීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කළයුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය .
මෙරට මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය නඟා සිටුවීමට විධිමත් සැලැස්මක් කඩිනමින් ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසාදීමට රජය සූදානම් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය
ඒ සඳහා වූ බදු ප්‍රතිපත්ති පිළිබඳ නිර්දේශ “පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව” විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදු කෙරුණු අතර ක්ෂේත්රයට බලපාන බදු මෙන්ම අපනයන හා ප්‍රති අපනයන ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර මේ වන විට ක්ෂේත්රය තුළ මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳ අදාළ පාර්ශ්වයන් විසින් ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීම සිදු කෙරුණි .
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ද පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ඇතුළු කමිටු සාමාජිකයන් සහ අදාළ රේඛීය ආයතනවල ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

