කොවිඩ් සමයේදී කොවිඩ් පැතිරයෑම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන් පිළිබඳව කරුණු විමසීම සඳහා ඊයේ (17 ) සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන ඒකකයට කැඳවු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි .

කොවිඩ් සමයෙදි බරපතළ දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවූ බවට තමන් කළ හෙළිදරව්ව මේ වනවිට විගණකාධිපතිවරයා විසින්ම පිළිගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් රජය මැදිහත්ව දූෂිත දේශපාලකයන්ට සහ නිලධාරීන්ට වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් විමර්ශනයට පෙනී සිටීමෙන් අනතුරුව අදහස් දක්වමින් වෛද්‍යවරයා කියා සිටි.

දූෂිත දේශපාලකයන් සහ නිලධාරීන් ආරක්‍ෂා කිරීමට ජනපතිවරයා හෝ දේශපාලකයන් කටයුතු කරන්නේ නම් එය කනගාටුවට කරුණක් බවත් Pari සෞඛ්‍ය පද්ධතියේ කඩා වැටීමට සෘජුවම හේතු විය හැකි බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කරයි .

එහිදී ඔහුගෙන් පැය දෙකහමාරකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගනු ලැබ ඇත .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page