විදේශ විනිමය උත්පාදනය කළ හැකි වාණිජ වටිනාකමකින් යුත් කර්මාන්තයක් ලෙස දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි .
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ඇතැම් ගැටලුවලට පිළියමක් ලෙස දේශීය වෛද්‍ය ක්‍රමය සහ ආයුර්වේද ක්‍රමය වර්ධනය කිරීම සිදු කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසු අතර මෙම යුගය දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පුනර්ජීවන යුගයක් ලෙස හඳුන්වා දිය හැකි බව සදහන් කලා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් පසුගිය කාලයේ ඒ වෙනුවෙන් කටයුතු රැසක් සිදු කිරීමට හැකි වු බවත්
රටේ දේශීය වෛද්‍ය සේවාව ගුණාත්මක වෛද්‍ය සේවාවක් ලෙස ඉදිරියට ගෙන ගොස් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි කර්මාන්තයක් ලෙස වාණිජ වටිනාකමක් සහිතව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ දැන් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව සතු බවත් ඔහු පැවසීය .
සැප්තැම්බර් 08,09 සහ 10 දිනවල දේශීය වෛද්‍ය අධ්‍යාපන හා වෙළෙඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් හා සමුළුවක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවද ඔහු සදහන් කලා.
