බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ඊයේ දිනයේ වැඩිම වර්ෂාපතනය මාලිම්බඩ ප්‍රදේශයේන් වාර්තා වූ අතර එය ම්ම් 13.5 ක් ලෙස දැක්විය හැක.

වැඩිම උෂ්ණත්වය පොළොන්නරුවෙන් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 37.3 වේ.

අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 14.0 වේ.

2023 අගෝස්තු මස 20 වන දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කල කාලගුණ අනාවැකිය

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page