ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ ජෙඩා අතර සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කිරිම මක්කම සහ මදීනා යන නගර බලා ගමන් කරන උම්රා වන්දනාකරුවන්ට ඉමහත් පහසුවක් වනු ඇත.
ඒ අනුව මින් ඉදිරියට සෑම සතියකම අඟහරුවාදා, බදාදා සහ ඉරිදා යන දිනවල කොළඹ සහ ජෙඩා අතර ගුවන් ගමන් වාර තුනක් ක්‍රියාත්මක වේ. මේ වනවිට මෙම නගර දෙක අතර සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන එකම ගුවන් සේවය ශ්‍රීලංකන් ගුවන් සේවය පමණි.
ජෙඩා සහ කොළඹ අතර ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන්වලට වසර 30 කට අධික ඉතිහාසයක් ඇත. මෙම ගුවන් ගමන් උම්රා වන්දකරුවන් අතර මෙන්ම හජ් වන්දනාකරුවන් අතරද අතිශයින් ජනප්‍රිය ය. මෙය සෘජු ගුවන් ගමනක් වීමට අමතරව, මෙම වන්දනාකරුවන්ට විශේෂ වූ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඔවුන්ට අවශ්‍ය සේවාවන් සැපයීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගැනීම සහ, ඇවිදීමේ අපහසුතා සහිත මගීන්ට අවශ්‍ය සේවාවන් නො-අඩුව ලබාදීම මෙම ජනප්‍රියත්වයට ප්‍රධානතම හේතු වී ඇත.
ශ්‍රීලංකන් ගුවන් සේවය සෞදි අරාබිය වෙත ක්‍රියාත්මක කරන ගුවන් ගමන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.srilankan.com වෙත පිවිසෙන්න
