තේ ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නව වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එය නූතන ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේද කැටි වූ විශිෂ්ට නිර්මාණයක් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ 129වන වාර්ෂික මහා සම්මේලනය අමතමිනි.
මෙරට ආර්ථිකය තුළ පුළුල් කාර්ය භාරයක් ඉටු කිරීමට තවමත් තේ කර්මාන්තයට ශක්තිය තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ක්ෂේත්‍රයේ ගැටලු හඳුනාගනිමින් නව්‍යකරණය සමඟ එහි පරිවර්තනයකට සූදානම් විය යුතු බවත් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,
තේ කර්මාන්තය රාජ්‍ය සහාය ඇතිව ගොඩනැඟුණු කර්මාන්තයක් නොවෙයි. මෙය පෞද්ගලික ප්‍රාග්ධනය යොදවා ඉන් අනතුරුව සාර්ථක වූවන්ගේ ව්‍යාපාරයක්. එහිදී ඇතැමුන් අසාර්ථක වුණා. නමුත් බොහෝ දෙනෙක් සාර්ථක වුණා. ඇතැමුන් වගාකරමින් සිටි ඉඩම් පවා මතභේදාත්මක ලෙස නැවත පවරාගැනීම් සිදුකර තිබුණා.
ඉදිරියේ දී චීනයේ තේ වැඩි වශයෙන් වෙළඳපොලට පැමිණෙන නිසා එයින් ඔබට හොඳ අවස්ථාවන් නිර්මාණය වනු ඇතියි. ඒ වගේම ඉන්දියාවද තේ වෙළෙඳපොළට පැමිණෙනවා. එනිසා අප ඉන්දියාව සහ චීනය සමඟ මේ පිළිබඳ සාකච්ඡා කළ යුතුයි. අපිට තනිව ගමනක් නැහැ. ඔවුන්ගේ වෙළඳපොල රටාවන් හොඳින් ඔබ අධ්‍යයනය කළ යුතුයි. ලෝකයේ නැගෙනහිර හා බටහිර රටවල් තේ මිලදීගෙන කිරි හෝ බිස්කට් සමඟ සකස් කරගෙන පානය කරනවා. ඒ සඳහා පමණක් තේ නිෂ්පානය කිරීම ප්‍රමාණවත් වන්නේ නැහැ. අද ග්‍රීන් ටි ලෝකය තුළ ප්‍රචලිත පානයක් බවට පත්ව තිබෙනවා. අප තේ ආශ්‍රිත නව සොයාගැනීම් හා නිෂ්පාදන පිළිබඳ සිතා බැලිය යුතුයි
ශ්‍රී ලංකා තේ නොකිලිටි තේ ලෙස ජාත්‍යන්තරයට ගෙන යන ඉලක්කය සාර්ථක කර ගැනීම සඳහා අප හොඳම විසඳුම් සමඟ ඉදිරියට යමු කියා මම ඔබට ආරාධනා කරනවා.
