2022 /2023 වසර සඳහා ජනාධිපති නීතිඥවරයන් පත් කිරීම සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන් තෝරා ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඉ) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම අයදුම්පත් කැඳවීම සිදුකරන අතර 2021 නොවැම්බර් මස 24 දිනැති 2255/24 අංක දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මාර්ගෝපදේශ අනුව පහත සඳහන් සුදුසුකම් සහිත ශ්‍රී ලංකා පුරවැසියන්ට ඒ සඳහා අයදුම් කළ හැකිය.
සම්පූර්ණ කළ ලිඛිත අයදුම්පත් අදාළ ලියකියවිලිවල සහතික කළ පිටපත් ද සමඟ, 2023 අගෝස්තු මස 25 වන දින හෝ ඊට පෙර “ජනාධිපති ලේකම්, ජනාධිපති කාර්යාලය, කොළඹ 01” යන ලිපිනයට ලැබෙන පරිදි ලියාපදංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත බහා ඇති කවරයේ වම් පස ඉහළ කෙළවරෙහි “ජනාධිපති නීතිඥවරයන් පත් කිරීම – 2022 /2023 යන්න පැහැදිලි ලෙස ලිවිය යුතුය.
