රට සංවර්ධනය කල මහින්ද රාජපක්ෂ නවත්වපු තැනින් පටන් ගන්න දැන් නාමල් රාජපක්ෂ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

ඉදිරියේ දි තෝරාගත යුත්තේ රට සංවර්ධනය කරපු රාජපක්ෂලාද නැත්නම් මිනී මරපු අනුර කුමාරලාද බව මන්ත්‍රීවරයා ජනතාවගේත් ප්‍රශ්න කරයි .

ඊයේ (27) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බොරැල්ල ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ….

”ඊයේ අනුරගේ බත්බැලයන් මගෙන් අහනවා නාමල්ට කඩේ යන්න පිස්සුද කියලා. රුවන්වැලි මහාසෑය ගාව ඉද්දී මතක්වෙන්නේ දුටුගැමුණු රජතුමා . රට එක්සේසත් කළ නූතන දුටුගැමුණු මහින්ද රාජපක්ෂ .

රාජපක්ෂලාට කඩේයන එක වැරැද්දක් කියලා දකිනව නම් ඌ කාලකන්නියෙක්. මහින්ද රාජපක්ෂ නවත්වපු තැනින් පටන්ගන්න මොළය තියෙන හොඳ නායකයෙක් මහින්ද හැදුවා.ඒ අපේ පොඩි මහින්ද, නාමල් රාජපක්ෂ. රාජපක්ෂවරුන් ගැන කතාකරද්දී ඇගේ මයිල් කෙලින් වෙනවා”

රාජපක්ෂලාට ගහන්න ඩොලර් ලැබුණා. රාජපක්ෂලාගේ දේශපාලනේ ඉවරයි කියලා හිතුවා. අපේ ගෙවල් පිච්චුවා. කිහිපදෙනෙක් මැරුවා.අපි
මේ වන විට ආසන බල මණ්ඩල 100 ට වඩා කරලා තිබෙනවා .

තෝරගන්න තියෙන්නේ රට සංවර්ධනය කළ මහින්ද රාජපක්ෂලා ද මිනී මරපු අනුර කුමාර ද කියලා රටේ ජනතාවට හිතන්න දෙයක් නැහැ.

සජිත් ගැන කතාකරන්න දෙයක් නෑ. සජිත් කියන්නේ ප්‍රේමදාසගේ මෝඩ පුතා. අනුර අදින කලිසම බෙල්ට් එක සපත්තු දෙක අනුන්ගේ ලැජ්ජයි. නාමල්ට ලැම්බෝගිනි 18 ක් තියෙනවා කිව්වා සල්ලි උගන්ඩාවේ තියෙනවා කිව්වා.අනුරට හරියන්නේ මම වගේ පොල් කෝම්බ. අපිත් එක්ක එන්න හැප්පෙන්න. අනුර මෝල්ටාවේ සල්ලි ආයෝජනය කලා කියලා පෙරටුගාමීන් කිව්වා. රැට්ටලාට ලක් අම්මලාට එහෙම සල්ලි ආව නම් අනුර කුමාරලාට කොහොම සල්ලි එන්න ඇද්ද කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරා

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page