මේ වන විට ලෝකයේ සංචාරක ක්ෂේත්‍ර පිලිබවද අධ්‍යයනය කරද්දී තවමත් ශ්‍රී ලංකාව ප්‍රාථමික සංචාරක ක්‍රියාවලියක නියලි සිට්න බව ජාතික ජනතා සංවිධානයේ නායක තුසිත පෙරේරා මහතා සදහන් කරනවා.

ශ්‍රී ලංකාව තුල සංචාරක ක්ෂේත්‍රයේ දියුණු කිරීමට හැකි වටපිටාවක් තිබුනත් සංචාරක කර්මාන්තයක් ලෙස එය වර්ධනය කිරීමට නිසි ක්‍රමවේදයක් දැකිය නොහැකි බව ඔහු පවසයි .

දිනෙන් දින සංචාරක ක්ෂේත්‍රය ගුණාත්මකභාවය මෙන්ම පැමිණෙන සංචාරකයන්ගේ ගුණාත්මක බව ද අඩු වී ඇති බව පවසන ඔහු රට තුළ සංචාරකයින්ගේ පැමිණීම සංඛ්‍යාත්මකව වැඩි වෙනවට වඩා ඉහල ආදායම් ඇති සංචාරකයන් රට තුළට ගෙන්වා ගැනීමට අවශ්‍ය වටපිටාවක් රට තුළ නිර්මාණය කිරීමට ඉක්මනින් සිදු විය යුතු බවත් එසේ සිදු නොවුණ හොත් සංචාරක ක්ෂේත්‍රයෙන් නිසි ප්‍රතිඵල ශ්‍රී ලංකාවට නෙළාගැනීමට නොහැකි බව ත් ඔහු ප්‍රකාශ කළා.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු…

අද ලංකාවට සංචාරකයෝ එන්නේ ඉතාම සුළු මුදලකට ලංකාවට ඇවිත් යන්න පුළුවන් නිසා.ගුවන් ටිකට් පතේ මිලටත් වඩා අඩුවෙන් මාසයක් විතර හොඳට කාලා බීලා ආපහු යන්න පුළුවන්. 2023 ජූලි වෙනකොට සංචාරකයන් 763,000 ආවා. ඩොලර් මිලියන 800 ක් ලැබිලා තියෙනවා. එක සංචාරකයෙක් වියදම් කරලා තියෙන්නේ ඩොලර් 1000 යි.රුපියල් වලින් බැලුවොත් ලක්ෂ තුනක් විතර. ඒ අතරින් බහුතරයක් ඊටත් වඩා අඩුවෙන් වියදම් කරලයි ලංකාවේ සංචාරය කරලා තියෙන්නේ .ඉතින් අපි කොහොමද ලංකාවේ සංචාරක කර්මාන්තයක් තියෙනවා කියලා කියන්නේ. මෙහෙම සංචාරකයන්ගේන් ලංකාවේ ආර්ථිකයට ප්‍රයෝජනයක් වෙන්නේ නෑ.

මෙහෙම ගියොත් මේ සංචාරක ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. ඔලුගෙඩි ගාන විතරයි වැඩි වෙලා තියෙන්නේ.

සංචාරක මගපෙන්වන්නන් ට, සංචාරක හෝටල් හිමියන්ට, සංචාරක ප්‍රවාහන පහසුකම් සපයන අයට මේ සියලු දෙනාට අද සොච්චම් මුදලකට තමයි තමන්ගෙ සේවාව ලබාදෙන්න වෙලා තියෙන්නේ. මේක ඉතාම බරපතළ තත්ත්වයක්. මේ වෙනුවෙන් යම් ක්‍රමවේදයක් සකස් නොකළ හොත් සංචාරක කර්මාන්තය වගේම ඒ ආශ්‍රිතව යැපෙන්නන්ගේ ජීවන මට්ටම වේගයෙන් පහළ යනවා.

රටේ ආර්ථිකයට මෙය සෘජුව සහ වක්‍රාකාරව බලපානවා.

අඩුම වශයෙන් ඩොලර් 10,000/= ක්(රුපියල් ලක්ෂ 30 ක්) වත් වියදම් කළ හැකි සංචාරකයන් ලංකාවට ගෙන ඒමට කටයුතු කල යුතුයි. ඒ සඳහා වැඩපිළිවෙළක් වගේම නියාමනයක් තිබිය යුතුයි.

හතු පිපෙනවා වගේ හෝටල් හැදුවත්, සංචාරක පුරවර, සංචාරක ගම්මාන මොනදේ තිබුනත් සංචාරකයාට ලංකාවට ඇවිල්ලා වියදම් කරන්න අවශ්‍ය වටපිටාව හැදිලා නැත්නම්. ඇවිල්ලා වටේ ඇවිදලා..කෝච්චියෙන් ගිහිල්ලා..බසෙකින් ඇවිල්ලා . ඩොලර් 6 ට 7 ට කාමරයක් අරන් නැවතිලා ආපහු යනවා. ඒ වගේ සංචාරකයෝ වසරකට මිලියන 2 ක් ආවත් අපේ ආදායම ඩොලර් බිලියන 2 යි.

සංචාරකයන් ප්‍රමාණය වැඩි කරනවට වඩා අප හිතන්න ඕනේ වියදම් කළ හැකි සංචාරකය ලංකාවට ගෙන්වන ක්‍රම වේදයක් ගැනයි. ඒ වෙනුවෙන් කටයුතු කිරීමයි වැදගත් වන්නේ.

මුහුදු වෙරළට හා ශ්‍රී ලංකාවේ ස්වභාධර්මයට ආසා කරන සංචාරකයන් නිරන්තරයෙන්ම ලංකාවට එනවා. එක සාමාන්‍ය දෙයක් . එහෙම එන සංචාරකයන් සංඛ්‍යාත්මකව ගණන් හදලා ඒක ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය කියන එක සම්පූර්ණ වැරදියි. ඇත්තටම ශ්‍රී ලංකාවේ තාම සංචාරක කර්මාන්තයක් නැහැ.තියෙන්නේ සංචාරක ඇවිල්ලා යන එක විතරයි. මීට වඩා මුදලක් ලංකාවේ සංචාරය කරන අයි වියදම් කරනවා.

රට තුල සංචාරකයන්ට අත දිග හැරලා වියදම් කරන්න සංචාරක උවමනාවන් හදන්න ඔනේ. ඒක සංචාරක ව්‍යාපාරය ලෙස දියුණු කිරිමේ පළවෙනි වගකීම වෙනවා.

සංචාරක ව්‍යාපාරය හරි ආකාරව නිසි ක්‍රමවේදයක් යටතේ දියුණු කළහොත් රටට විදේශ විනිමය ගලා ඒම හා සමානව දේශීය රාජ්‍ය ආදායම ඉහළ නංවා ලීමට හැකියාව තිබෙන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන් මාර්ගඋපදේශනය පරිදි රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීමට හැකි බව ජාතික ජනතා සංවිධානයේ නායක තුසිත පෙරේරා මහතා වැඩිදුරටත් පවසන ලදී

මේ වන විට රටේ බහුතර දේශපාලකයන් නිලධාරීන් රටේ අනාගතය ගැන හිතනවාට වඩා තමන්ගේ අනාගත ගැන හිතමින් කටයුතු කරන බවත් රටටත් සමාජයටත් ආදරය කරණ දැනුමෙන් අවබෝධයෙන් කටයුතු කරන ප්‍රායෝගික ජනතා නියෝජනයක් ජාතික ජනතා සංවිධානය සමග කටයුතු කරන බවත් රටේ ඉදිරි ගමන වෙනුවෙන් තම දායකත්වය නිරතුරුව ලබාදෙන බවත් ඔහු සදහන් කලා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page