එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව අතුරු වන්දිය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය සිය එකඟතාව පළකර ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම්දීම් නෞකාවේ රක්ෂණ සමාගමට සහ නීතිඥ සමාගමට ලිඛිතව යොමු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය ඉදිරිපත් කර අතුරු වන්දි වාර්තාවලට අනුව මෙම අතුරු වන්දිය ලබා ගැනීමට නියමිතය.

මේ අනුව අතුරු වන්දිය ලෙස ඩොලර් මිලියන 89 ක් සහ රුපියල් මිලියන 16 ක් සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය විසින් ඉල්ලා ඇති අතර එම අතුරු වන්දි ගෙවීමට නෞකා සමාගමේ රක්ෂණ සමාගම සහ නීතිඥ සමාගම මීට පෙර සිය කැමැත්ත සිදු කර ඇති බවත් පසුගියදා සිංගප්පූරුවේ පැවැති සාකච්ඡාවලදී ගත් තීරණයට අදාළව දෙපාර්ශ්වය මෙම එකඟතාවලට එන ලදි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page