කොළඹ වරාය තුළ පිහිටි ලංදේසි යුගයේ සිරකඳවුරක් ලෙස පවත්වාගෙන ගොස් ඇති වසර 350 කට වඩා පැරණි පෞරානික ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමට පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය අනාවරණය කරයි.

පුරාවිද්‍යා හානී ඇගයීම් වාර්තාවක් පවා ලබා නොගෙන මෙම වටිනා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට පුරාවිද්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කටයුතු කර ඇති බවත් ඒ සඳහා පසුගිය අගෝස්තු 15 වන දා ඔහු විසින් මාර්ග සංවර්ධන අධිකාරියට අනුමැතිය ලබාදී ඇති බවද සමස්ත ලංකා වරාය පොදු සේවක වෘත්තීය සමිතිය තව දුරටත් අනාවරණය කරයි.

දිගන් අඩි 217 ක් පළලින් අඩි 93 ක් වන මෙම ගොඩනැගිල්ල කොළඹ වරාය අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා කඩා ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව එම වෘත්තීය සමිතිය අනාවරණය කරයි .

මේ වන විට බුද්ධ සාසන, සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ ඇමති විදුර වික්‍රමනායක වෙත ලිපියක්ද යොමු කරමින් අදාල වෘත්තීය සමිතිය මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටි .

වෘත්තීය සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ තම අත්සනින් නිකුත් කර ඇති සම්පූර්ණ ලිපිය පහත පල වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page