වයස 18 ට අඩු දරුවන් සඳහා ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමට නීති ගෙන ඒමට කටයුතු කරන බව ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ සඳහන් කලා.

මේ පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර වයස 18 ට අඩු දරුවන් සඳහා දුරකථන භාවිතයේදී සීමා පැණවීමට අදාළ නීති රාමුවක් සකස් කිරීම අවශ්‍ය කටයුතු සූදානම් කරන බවද ඇය සඳහන් කලා.

ජංගම දුරකථන හා සමාජ මාධ්‍ය ලමා පරපුරට විශාල තර්ජනයක් බවත් දියුණු තාක්ෂණය සමඟ දරුවන් යාවත්කාලීන විය යුතු වුවත් අපේ රටේ දරුවන් බොහෝ දෙනකු ජංගම දුරකථන නිසා තමන්ගේ ජීවිත විනාශ කරගෙන සිටින බවත් ඇය සදහන් කරා.

අද වන විට දරුවන් ජංගම දුරකථන පාසලට පවා රැගෙන යන බවත් එලෙස රැගෙන යාම සීමා කිරීමට කටයුතු කරන බවත් ඇය තවදුරටත් සඳහන් කලා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page