මේ වන විට රටපුරා මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර 4570 ක් නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා.
මෘදු මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර 538 ක් මෑත කාලයේදී නිකුත් කර ඇති අතර මත්පැන් බලපත්‍ර සංචාරක කලාපවලට සීමා කිරීම කෙරෙහි අවධානය ද යොමුවී ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
කාන්ඩ 25 ක් යටතේ මෙම මත්පැන් බලපත්‍ර ලබාදී ඇති බවත් මත් පැන් සදහා සියයට 75 ක බදු අය කරන බවත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.
සැක සහිත ස්ටිකරය ඇති මත්පැන් බෝතල් ලක්ෂයක් පමණ පසුගිය කාලයේදී අත්අඩංගුවට ගත් බවත් ඒ අතරේ හොර ස්ටිකර් සහිත මිලි ලීටර් 180 බෝතල් 43776 ක් තිබු බවත් ඔහු සඳහන් කළා.
මෙම නීති විරෝධී ක්‍රියාව වෙනුවෙන් කෝටි පහකට වැඩි දඩ මුදලක් නියම කර ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර සිටියා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසූවේ
